Release
A Hat In Time
Sri Lanka Vs World 🔸ඇත්තටම ලංකාවේ ගේම්ස් Play කරන හුඟක් දෙනෙක් අහලවත් නැති තවත් ගේම් එකක් තමයි A Hat In Time කියන්නේ. ලංකාවේ ප්‍රසිද්ධ නොවුනත් බටහිර රටවල්වල ප්‍රසිද්ධ වුනු, බටහිර රටවල්වල හුඟක් දෙනෙක් Play කරපු ගේම් එකක් විදිහට මේ ගේම් එක හඳුන්වන්න පුළුවන්. 🔹 ඇත්තම කියනවනම් වීඩියෝ ක්‍රීඩා ඉතිහාසයේ වෙනසක් කරපු, Third Person Open World Category එක වෙනස්ම මානයකට රැගෙන ගිය අතිවිශිෂ්ට නිර්මාණයක් තමයි A Hat In Time කියන්නේ. ඒ වගේම ගේම්ස් වලට ආදරේ කරන ඕනෑම කෙනෙක් අනිවාර්යයෙන්ම ක්‍රීඩා කල යුතු ගේම් එකක් තමයි A Hat In Time කියන්නේ. 🔸Third Person Platform Category එකට අයිති වෙන High Quality Open World ගේම්ස් ලෝකෙටම තියෙන්නේ ඉතාමත් සීමිත ප්‍රමාණයක් පමණයි. ඇත්තටම ලංකාවේ ගේම්ස් Play කරන අයගෙන් සීමිත දෙනෙක් පමණයි මේ Category එකට අයිති වෙන ගේම්ස් Play කරන්නේ. මේ නිසා ලංකාවේ ගේම්ස් Play කරන අය අතර මේ Category එක එච්චර ප්‍රසිද්ධ නෑ. 🔹ලෝකයේ වුනත් කලාතුරකින් තමයි මේ Category එකට අයිති ගේම්ස් Release වෙන්නේ. එහෙම Release වුනත් මේ Category එකේ High Quality ගේම් එකක් Release වෙන්නේ ඉතාමත් කලාතුරකින්. මේ හේතූන් නිසා International Standard එකකින් නිර්මාණය කරලා තිබුනු A Hat In Time ගේම් එක මේ Category එකට නව ජීවයක් ලබා දුන්නා. Story, Characters & Places 🔹Hat Kid නැමැති කුඩා Humanoid Alien Girl කෙනෙක් තමයි මේ ගේම් එකේ ප්‍රධාන චරිතය වුනේ. මේ ගේම් එකේ ප්‍රධාන චරිතයට Hat Kid කියලා නම වැටෙන්න ලොකු හේතුවක් තිබුනා. නිතරම Top Hat එකක් හිසේ පැලඳගෙන සිටින නිසා තමයි Hat Kid කියන නම මේ ගැහැනු ළමයාට යොදලා තිබුනේ. ඒ වගේම Mustache Girl තමයි මේ ගේම් එකේ Hat Kid ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා විදිහට කටයුතු කරන්නේ. 🔸අභ්‍යවකාශ යානයක් යොදාගෙන විශ්වය පුරා සංචාරය කරන කෙනෙක් තමයි මේ Hat Kid කියන්නේ. මේ විදිහට විශ්වය පුරා සංචාරය කරලා තමන්ගේ මව් ලෝකයට නැවත පැමිණෙන අතරවාරයේ දී Hat Kid විසින් සිදුකරන්නාවූ ක්‍රියාදාමයක් ඇසුරින් තමයි මේ ගේම් එකේ Story එක හදලා තිබුනේ. 🔹ඇය මෙලෙස තම මව් ලෝකය වෙත නැවත පැමිණෙන ගමනේදී ජීවීන් වෙසෙන නාඳුනන ග්‍රහලෝකයක් අසලින් ගමන් කරන්නට ඇයට සිදුවෙනවා. මේ අවස්තාවේදී මෙම ග්‍රහලෝකයේ තිබෙන Mafia Town නැමැති නගරයේ සිටින පාතාල කල්ලි සාමාජිකයෙක් ඇයගේ යානය අසලට පැමිණෙනවා. ඔවුන්ගේ ග්‍රහලෝකය අසලින් ගමන් කරන්නට අවශ්‍ය නම් තම පාතාල රජයට බදු ගෙවිය යුතු බව එම සාමාජිකයා විසින් ඇයට ප්‍රකාශ කරනවා. නමුත් ඇය විසින් එම අණ ප්‍රතික්ෂේප කිරීම නිසා එම පාතාල කල්ලි සාමාජිකයා විසින් ඇයගේ අභ්‍යවකාශ යානයට පහර දෙනවා. 🔸මෙම පහරදීම නිසා අභ්‍යවකාශ යානයේ ක්‍රියාකාරීත්වයට බලය සැපයූ Majical Hour Glasses හෙවත් Time Pieces රඳවා තිබුනු කොටසට හානි වෙලා Time Pieces 40 ක් එම නාඳුනන ග්‍රහලෝකයේ විවිධ ස්ථානවලට පතිත වෙනවා. තම යානය නැවත පණගැන්වීම සඳහා මෙම Time Pieces සොයා ගැනීම අනිවාර්යය වුනු නිසා මෙම Time Pieces සොයා Mafia Town නැමැති නගරය වෙත ඇය පැමිණෙනවා. ... 🔹මේ නගරයේ දී Hat Kid හට Mustache Girl නැමැති තවත් ගැහැනු ළමයෙක්ව මුනගැහෙනවා. Mafia Town එකේ සිටින පාතාල සාමාජිකයින්ට එරෙහිව සටන් කරන කෙනෙක් තමයි මේ Mustache Girl කියන්නේ. කොහොම හරි Hat Kid මේ කියන Mustache Girl එක්ක එකතු වෙලා Mafia කල්ලියේ ප්‍රධානියාව පරාජය කරලා Time Pieces කිහිපයක් සොයා ගන්නවා. 🔸Time Pieces කිහිපයක් සොයා ගැනීමෙන් පසු Mustache Girl දැන ගන්නවා මෙම Time Pieces යොදාගෙන කාලය හරහා අතීතයට ගමන් කල හැකි බව. ඉන්පසු Mustache Girl ට අවශ්‍ය වෙනවා මෙම Time Pieces යොදාගෙන කාලය හරහා ආපස්සට ගමන් කරලා Mafia සාමාජිකයින් විසින් සිදුකල සියලුම අපරාධ නවත්වලා ග්‍රහලෝකය තමන් යටතට ගන්න. කොහොම වුනත් Hat Kid මේ අදහසට කැමති වෙන්නේ නෑ. මේ නිසා අනෙකුත් Time Pieces තමන් සතු කර ගැනීම සඳහා Hat Kid සමඟ සටන් කරන්න Mustache Girl තීරණය කරනවා. 🔹Mustache Girl සමඟ සටන් කරමින් ග්‍රහලෝකය තුල තිබෙන අනෙකුත් Time Pieces සොයා ගැනීම තමයි ක්‍රීඩකයාට ලැබෙන ප්‍රධානම අභියෝගය වෙන්නේ. මීට අමතරව DJ Grooves, The Conductor, Snatcher සහ Infected Nomad වැනි විවිධාකාර හැකියාවන් සහිත සතුරන් සමඟ සටන් කරන්නත් Hat Kid ට සිදු වෙනවා. කොහොම වුනත් අවසානයේදී Mustache Girl සමඟ සටන් කිරීම සඳහා මෙම සතුරන්ගේ සහාය ලබා ගන්නත් Hat Kid හට සිදුවෙනවා. Gameplay 🔸Third Person Open World ගේම්ස් වල සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන ආකාරයේ Fantasy World එකක් ඇසුරින් නිර්මාණය කරපු ටිකක් වෙනස් විදිහේ Gameplay එකක් තමයි මේ ගේම් එකේ තිබුනේ. කොහොම වුනත් ක්‍රීඩකයාට උපරීම වින්දනයක් ලබාගත හැකි වන සේ තමයි මේ ගේම් එක නිර්මාණය කරලා තිබුනේ. ඒ වගේම විවිධාකාර වූ Puzzles සහ ත්‍රාසජනක ක්‍රියාකාරකම් ඇතුලත් කරලා තමයි මේ ගේම් එකේ Gameplay එක නිර්මාණය කරලා තියෙන්නේ. Zero To Hero 🔹Gears For Breakfast කියන Denmark Studio එකකින් තමයි මේ ගේම් එක නිර්මාණය කරලා තිබුනේ. උත්සාහය, කැපවීම, අධිෂ්ඨානය තියෙනවනම් ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියන ආදර්ශය ලෝකයටම පෙන්වපු Team එකක් විදිහටත් මෙයාලා හුඟක් ප්‍රසිද්ධ වුණා. 🔸2012 වර්ෂයේ අගෝස්තු මාසයේදී Jonas Kaerlev විසින් තමයි මේ ගේම් එක නිර්මාණය කරන්න පටන් අරගෙන තිබුනේ. මුලදී ඔහුට උදව් කරන්න කවුරුත් හිටියේ නැති නිසා තනියම තමයි මේ ගේම් එක නිර්මාණය කිරීමේ කටයුතු ඔහු සිදුකලේ. මොකද මේ ගේම් එක නිර්මාණය කිරීම සඳහා වැටුප් ගෙවලා සේවකයින් ගන්න තරම් වත්කමක් ඔහුට තිබුනේ නෑ. කොහොම වුනත් ඔහුගේ මේ කටයුත්ත ගැන දැන ගත්තු සීමිත පිරිසක් වැටුප් නොමැතිව මේ කටයුත්ත සඳහා Jonas හට උදව් කරන්න ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වුණා. අවසානයේ මේ පිරිස ටිකෙන් ටික වර්ධනය වෙලා රටවල් හතරක සාමාජිකයින්ගෙන් සමන්විත වුනු Gears For Breakfast නැමැති කුඩා කණ්ඩායම බිහි වුණා. 🔹 ඇත්තටම මේ ගේම් එක High Quality ගේම් එකක් වුනු නිසා මේ ගේම් එක නිර්මාණය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 300,000 කට ආසන්න ඉතා විශාල මුදලක් වියදම් වන බව Gears For Breakfast කණ්ඩායම විසින් Jonas හට දැනුම් දීලයි තිබුනේ. මෙවැනි විශාල මුදලක් ඔවුන් සතුව නොතිබුණු නිසා මෙවැනි ව්‍යාපෘතීන් වලට මූල්‍යමය දායකත්වය ලබාදෙන ලෝක ප්‍රසිද්ධ KickStarter නැමැති ඇමරිකානු ස්වෙච්ඡා සංවිධානය හරහා අවශ්‍ය මූල්‍යමය උපකාර ලබාගන්න අවසානයේදී ඔවුන් තීරණය කලා. මේ ගේම් එක Release වුනාට පස්සේ හුඟක් වෙබ් අඩවි සහ විශ්ලේෂකයන් විසින් Jonas ප්‍රමුඛ ඔහුගේ කණ්ඩායමට මූල්‍ය උපකාර ලබාදීම පිළිබඳව KickStarter ආයතනයට ප්‍රශංසා කරලා තිබුනා. මොකද ඔවුන් ඒ වෙලාවේ උදව් නොකලානම් A Hat In Time ගේම් එක කවදාවත් Release නොවෙන්න ඉඩ තිබුනු නිසා. 🔸මේ ගේම් එක ඉස්සෙල්ලාම PC Exclusive එකක් විදිහට තමයි Release වුනේ. ඒ කියන්නේ මුලදී PC වලට විතරයි මේ ගේම් එක Release වුනේ. ඇත්තටම කිසිම ආයතනයක හෝ සංවිධානයක ඍජු මැදිහත් වීමක් නොමැතිව Release වෙන මේ වගේ Indie [ Independent Game ] ගේම් එකක් ලෝක ප්‍රසිද්ධ වෙලා, ආදායම් ලැබිය හැකි වන විදිහට ජනප්‍රිය වෙන්නේ කලාතුරකින්. මේ නිසා මේ ගේම් එක බෙදාහැරීම සඳහා Gears For Breakfast කණ්ඩායමට සහාය වෙන්න කිසිම ආයතනයක් ඉදිරිපත් වුනේ නෑ. මේ නිසා මේ ගේම් එකේ PC Version එකේ Publisher විදිහට කටයුතු කරන්න සිදුවුනෙත් මේ Gears For Breakfast කියන කණ්ඩායමටම තමයි. 🔹කොහොම හරි මේ ගේම් එක Release වුනාට පස්සේ කවුරුත් හිතපු නැති විදිහට මේ ගේම් එක ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තා. ගේම් එකට ලැබුනු Positive Reviews නිසා PC Version එක Release වෙලා මාස දෙකකට පස්සේ PlayStation සහ XBOX Versions Release වුනා. මේ වෙද්දී මේ ගේම් එක සැලකිය යුතු ප්‍රසිද්ධියක් ලබාගෙන තිබුනු නිසා PlayStation සහ XBOX Versions වල Publisher විදිහට කටයුතු කරන්න Humble Bundle ආයතනය ඉදිරිපත් වුනා. සමහරක් වීඩියෝ ක්‍රීඩා විශ්ලේෂකයන් ඒ දවස්වල මේ ගේම් එක හැඳින්වූයේ ' Cutest Third Person Game Ever ' කියලයි. 🔸කලාතුරකින් PC වලට Release වෙන Genre එකකින් Release වුනු මේ ගේම් එකට PC ක්‍රීඩකයින් හුඟ දෙනෙක් කැමති වුනා. ඒත් මේ ගේම් එක Nintendo වලට Release නොවීම ගැන Nintendo ක්‍රීඩකයින් Gears For Breakfast ආයතනයට තම අප්‍රසාදය පල කරලා තිබුනා. Nintendo ක්‍රීඩකයින් මේ ගේම් එකට කොච්චර ආස වුනාද කියනවනම් මේ ගේම් එකේ Nintendo Version එකක් Release නොවීම මහා අපරාධයක් විදිහටයි ඔවුන් සඳහන් කරලා තිබුනේ. Nintendo Version එකක් ඉල්ලා පාරිභෝගිකයින්ගෙන් ලැබුනු ඉල්ලීම් නිසා අවසානයේදී 2019 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී මේ ගේම් එකේ Nintendo Switch Version එකක් Release කරන්න Gears For Breakfast ආයතනය කටයුතු කලා. කොහොම වුනත් PC Version එක තමයි අදටත් මේ ගේම් එකේ හොඳම Version එක විදිහට පිලිගැනෙන්නේ. Special Facts 🔹මේ ගේම් එක නිර්මාණය කිරීම සඳහා Donkey Kong 64, Super Mario 64, Banjo Kazooie, Spyro The Dragon, Psychonauts වැනි 3D වීඩියෝ ක්‍රීඩාවන් බොහෝ වරක් අධ්‍යයනය කල බව තමයි Jonas විසින් පසු කලෙක සඳහන් කරලා තිබුනේ. Gameplay 🔸Hat Kid සතුව පවතින විවිධ වූ හැකියාවන් වැඩි දියුණු කරගනිමින් තමයි මේ ගේම් එකේ ඉදිරියට යා යුත්තේ. ගේම් එකේ ඉදිරියට යන විට ක්‍රීඩකයාට හිමිවන Badges හරහා මෙම හැකියාවන් වැඩි දියුණු කරගන්න පුළුවන්. සතුරන්ව පරාජය කල විට ලැබෙන Pons නැමැති මුදල් වලින් තමයි මේ Badges මිලදී ගත යුත්තේ. මීට අමතරව මෙම Pons යොදාගෙන Additional Challenges Unlock කරගැනීමේ හැකියාවත් ක්‍රීඩකයාට ලබා දීලා තිබුනා. 🔹Hat Kid ගේ හිසේ පැලඳිය හැකි එකිනෙකට වෙනස් විවිධාකාර වූ Top Hats රාශියක් මේ ගේම් එකේ තියෙනවා. මෙම විවිධාකාර වූ Top Hats හිසේ පැලඳීමෙන් Hat Kid හට එකිනෙකට වෙනස් වූ විවිධාකාර බලයන් ලැබෙනවා. උදාහරණ විදිහට Sprint Hat එක පැලඳීම හරහා ඉතා වේගයෙන් ගමන් කිරීමේ හැකියාව Hat Kid හට ලැබෙනවා. එසේම Time Stop Hat එක පැලඳීමෙන් කාලය ගතවන වේගය මඳ වේලාවකට අඩාල කිරීමේ හැකියාව Hat Kid හට ලැබෙනවා. ගේම් එකේ ඉදිරියට යන විට ලැබෙන Yarn Balls මඟින් තමයි ක්‍රීඩකයා විසින් මෙම Top Hats නිර්මාණය කරගත යුත්තේ. 🔸මේ ගේම් එකේ Main Chapters පහක් තිබුනා. ඒ වගේම සතුරන් සමඟ සටන් කිරීමේදී යොදා ගත හැකි මැජික් කුඩයක් Hat Kid සතුව තිබුනා. ඇත්තටම ක්‍රීඩකයා විසින් මුලදී සිදුකරන ක්‍රියාකාරකම් පසුවට බලපාන විදිහට තමයි මේ ගේම් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම ක්‍රීඩකයා විසින් සිදු කරනු ලබන තේරීම් අනුව සමහරක් ස්ථාන වලදී ගේම් එකේ Story එක වෙනස් වෙනවා. මේ නිසා ටිකක් කල්පනාකාරීව ක්‍රීඩා කල යුතු ගේම් එකක් තමයි A Hat In Time කියන්නේ. Downloadable Contents 🔸මීට අමතරව Seal The Deal නැමැති DLC Pack එක හරහා Cooperative Mode එක හඳුන්වා දීමත් සමඟ තම මිතුරෙක් හා එක්වී Story Mode එක එකවර ක්‍රීඩා කිරීමේ අවස්තාව ක්‍රීඩකයින්ට හිමිවුණා. ඒ වගේම Cooperative Mode එක වෙනුවෙන් නිර්මාණය කල Bow Kid නැමැති නව Playable චරිතයකුත් මෙම DLC Pack එක හරහා හඳුන්වා දීලා තිබුනා. කොහොම වුනත් මේ Cooperative Mode එක PC Version එකට විතරයි Release වුනේ. ඒ වගේම Nyakuza Metro නැමැති DLC Pack එක හරහා Online Multiplayer Mode එකක් Release කරන්නත් Gears For Breakfast ආයතනය කටයුතු කලා. 🔹පසුකාලයේදී Release වුනු DLC Packs හරහා New Chapters කිහිපයක් සහ Gameplay Modes කිහිපයක් මේ ගේම් එකට Add කරලා තිබුනා. මීට අමතරව Steam එක හරහා අලුත් Mods මිලදී ගෙන එම Mods ගේම් එකට ඇතුලත් කිරීමේ අවස්තාවත් ක්‍රීඩකයින්ට හිමිවුණා. ඒ වගේම Nyakuza Metro නැමැති DLC Pack එක හරහා සතුරන්ට පහරදීම සඳහා භාවිතා කල හැකි Baseball Bat එකක් අලුතින් ගේම් එකට එකතු කරලා තිබුනා. Sales & Awards 🔸2017 වර්ෂයේදී Release වුනු ගේම් එකක් වුනත් 2023 වර්ෂයේදී පවා ඇමරිකානු ඩොලර් තිහකට අලෙවි වුනු ගේම් එකක් තමයි මේ ගේම් එක. ඒ වගේම සියලුම Downloadable Contents සහිත A Hat In Time Ultimate Edition එක ඇමරිකානු ඩොලර් 50 කට Steam එකේ අලෙවි වුනු බව ඔබ සමහර විට විශ්වාස කරන එකකුත් නෑ. ගේම් එක Release කරලා සති දෙකක් යන්නත් කලින් ගේම් එකේ Original Copies 50,000 ක් ලොව පුරා අලෙවි වෙලා තිබුනා. ඒ වගේම 2018 වර්ෂයේ දෙසැම්බර් මාසය වනවිට මේ ගේම් එකේ Original Copies මිලියනයක් ලොව පුරා අලෙවි වෙලා තිබුනා. 🔹මේ ගේම් එක කොච්චර හොඳ වීඩියෝ ක්‍රීඩාවක් වුනාද කියනවනම් 2017 වර්ෂයේ විශිෂ්ටතම පරිගණක ක්‍රීඩාව වෙනුවෙන් පිරිනැමූ Best PC Game සම්මානය ලබා ගැනීම සඳහා පරිගණක ක්‍රීඩා ලෝකයේ දැවැන්තයින් සමඟ කරට කර සටනක් දෙන්නත් මේ ගේම් එකට හැකියාව ලැබුනා. Best PC Game - 2017 සම්මානය නොලැබුනත් Best Platformer - 2017 සම්මානය තමන් සතු කර ගන්න මේ ගේම් එකට හැකියාව ලැබෙනවා.